අද (24) දින කැලණියේ අලුත් පාලමක් විවෘත කරන බවත්. එම සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කළේ අපේ ආණ්ඩුවෙන් බවත් එයට දැන් අවුරුදු දෙකක් ගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද විපක්ෂනායක කාර්යාලයේ දී පැවසීය .

මේ රජයෙන් අළුතෙන් ආරම්භ කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙළ මොකක්ද? විමසු මන්ත්‍රීවරයා ආණ්ඩුව කිසිම නව සංවර්ධනයක් ආරම්භ කර නැති බව පැවසීය.

මේ ආණ්ඩුව අපි ආරම්භ කරපු දේවල් විවෘත කරන බවත් ඒකත් අපේ ආණ්ඩුවෙන් ජපානයෙන් 1%ට ණයකට පාලම් ව්‍යාපෘතිය ආරම්භ කරන්න එදා ණය අරගෙන ලෑස්ති වූ බවත් මේ ආණ්ඩුව ඇවිත් කරේ ඒ ණය අහෝසි කර එය ලබා ගන්නේ නැතුව චීනයෙන් ගිනි පොලියට ණය අරගෙන නැවත වරක් මෙම ව්‍යාපෘති ආරම්භ කර බවයි.

රටක් සංවර්ධනය වෙන එකට අපි සතුටු වන නමුත් මෙහෙම සංවර්ධනයක වීම තුලින් සිදුවන්නේ රටේ ඊළඟ පරම්පරාව ගිනි පොලියට බිල්ලට දෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.