ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් ලෙස ප්‍රකාශ කර නමුත්, අගමැතිවරයා මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුව තුලදී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්තාධායකයේ කොටසක් යැයි මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් පවතින බවත්, එබැවින් රජය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කරන්නේ.

ජී.එල්.පීරිස් මහතා මහතා ප්‍රකාශ කර සිටියේ අධිකරණ නියෝගය පීලි නොගන්න බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුල දී අගමැතිවරයා කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සඳහා කිසිවකුට ඉඩ නොතබන බවත් සැප්තැම්බර් 21 පසු අධිකරණය සෘජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි.