අද රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න නම් කාරණා දෙකක් ඉටු විය යුතු බව ආර්ථිකයේ නිවැරදි දිශාව යන තේමාව යටතේ අද (30) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.
අද රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න නම් කාරණා දෙකක් ඉටු විය යුතුයි .එකක් තමයි කෙටිකාලීනව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ දොරවල් විවෘත කරලා. ඒ විදේශ ණය ලබා ගන්න සහ ආයෝජන ලබා ගන්නකම් අපිට කෙටිකාලීන අවශ්‍යතාවය පියව ගන්න ඕන. අගමැතිවරයා සති දෙකෙන් දෙකට කරන ප්‍රකාශවලින් අපි කවුරුත් අවබෝධකර ගෙන තියෙනවා ඊළඟ මාස හයට ඇමෙරිකන් ඩොලර් බිලියන 4ක මදිපාඩුවක් තියෙන බව. ඒ කියන්නේ අපි ණය ගෙවන එක තාවකාලිකව නවත්තලා කියලා ලෝකයට දැනුම් දුන්නට අපට සියලු ණය නො ගෙවා ඉන්න බැහැ .අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන වැනි ආයතන වලින් ගත් ණය නොකා නොබී හරි ගෙවිය යුතුමයි. අනෙක් පැත්තෙන් අපි අරගෙන තියෙනවා පොඩි පොඩි ෂොප් ණය කෙටිකාලීන ණය විදියත් දේශීය බැංකුවලින් සහ විදේශීය බැංකුවලින් ඒවා ගෙවන්නත් ඕන. ඒ ඇරෙන්න අපි දන්නවා ප්‍රට්ටෝලියම් වලට ඩොලර් මිලියන 500 ක පමණ ප්‍රමාණයක් ඕන ආහාරවලට තව මිලියන 60ක් පමණ ඕන ගෑස් වලට තව මිලියන 40ක් පමණ හා බෙහෙත් ගන්න ඕන මේ ඔක්කෝම එකතු කරාම අපිට රටට ගලා ගෙන එන ආනයන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා අවශ්‍ය වෙනවා. එතකොට ගෙවන්න තියෙන ණයයි ඔක්කොම එකතු කරාම සියලු දේ තමයි අගමැතිවරයා කියන ඩොලර් බිලියන 4ක මදිපාඩුව තියෙන්නේ. ඒක ලබාගන්න නම් රාජතාන්ත්‍රික ලෙස අපේ මිත්‍ර රටවල් වලින් ඒවා ලබාගන්න ඕන. වෙන කොහෙන් වත් අපිට ණය දෙන්න සූදානම් නැහැ හේතුව අපි බංකොලොත් අපේ ණය තිරසාර නෑ තිරසාර වීම සඳහා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළකට එකග වෙලා නෑ ඒ නිසා අපි ඉන්නේ දෙලොවක් අතර මැද පාවෙලා එහෙමනම් රාජතාන්ත්‍රික ලෙස තමයි මේක බේරගන්න ඕන. ඉන්දියාවෙන් ,චීනයෙන් ජපානයෙන්, මැදපෙරදිග යුරෝපයෙන් ඇමරිකාවෙන්, රුසියාවෙන්, බංගලාදේශයෙන් යන ආදී රටවල් වලින් අපි කෙරෙහි යම්කිසි කනගාටුවක් තියෙනවා නම් මිනිස්සුන්ට කන්න නෑ බෙහෙත් නෑ කියලා ඔවුන් යම්කිසි විදියකට අපිට ආධාර උපකාර කරන්න පුළුවන්. ඒ වගේ උපකාරයක් තමයි ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් G7 සමුළුවේදී ප්‍රකාශ කළේ. රටක් හැටියට ලැජ්ජයි නමුත් අපි ස්තූතිවන්ත වෙනවා ඩොලර් මිලියන 20 දෙනවා එය රටේ දරුවන්ට දිවා ආහාරය සහ බඩ දරු අම්මලා විසිහත් දාහකට පෝෂණ මල්ලක් දෙන්නත් ගොවි මහත්වරු තිස්දාහකට මුදල් ආධාරයක් ලබා දෙන්න කියලා මෙවැනි ආධාර එකතු කරල තමයි අපිට ඩොලර් බිලියන 4 හොයාගන්න වෙන්නේ.
අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා තවත් බොහෝ නොයෙකුත් අය සමග සාකච්ඡා කළා එම නිසා අපි දන්නවා වගේම ආණ්ඩුවත් හොඳටම දන්නවා තිරසාරව මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් ඉතාමත්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්න වෙන බව . වියදම් ප්‍රතිපත්ති ,සහනාධාර ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ,රජයේ ආයතන පිළිබඳ ප්‍රතිපත්ති, මේ සියලු රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රතිපත්ති ,විශ්‍රාම ප්‍රතිපත්ති යන සියලු ප්‍රතිපත්ති ගැඹුරෙන් ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා.ඒක නොකර තිරසාර ලෙස මේ වළෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ අපි 16 වතාවක් IMF ගිහින් තිබුනට ඒ හැම පාරම අපි සාකච්ඡා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණයි .අපේ තිබිච්ච ගෙවුම් ශේෂයේ ප්‍රශ්නය රට ගොඩගන්න රජයේ පාර්ශවය ඉන්නවා මහ බැංකුව භාණ්ඩාගාරය ඉන්නවා IMF ඉන්නවා මේ අය අතර තමයි සාකච්ඡාව වුණේ. එහිදී යම් යම් ප්‍රතිසංස්කරණ වලට එකඟ වුණා දාසය පාරක් ගියාට හතර පස් පාරකට වඩා එකඟත්වය මුළු වසර ගානකට එකඟ වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නැහැ. බොහෝ අවස්ථාවලදී ඒක මැදින් කඩාකප්පල් වුණා 2016 වනවිට තිබුණු වැඩපිළිවෙළ 2019 කුණු බක්කියට දැම්මා ඒ කෙසේ වෙතත් දාසයක් පාරටම වඩා වෙනස් මේ පාර මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අත් දෙක ගැට ගහලා තියෙන්නේ. අපිට ණය දෙන්නෙ කිසිම හැකියාවක් නැහැ කොච්චර ඔවුන් එකග වුණත් තුන්වන පාර්ශවයක් එක්ක සාකච්ඡා සාර්ථක වුණේ නැත්නම්. ඒක තමයි පළවෙනි පාරට ලංකාවට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලුව. තුන්වෙනි පාර්ශ්වය කියන්නේ ණය හිමියෝ එහි දී ණය හිමියෝ සමග සාකච්ඡා කරලා ණය කපා හැරීමේ එකඟතාවයකට එන්න ඕන. අපි උපදේශක කණ්ඩායම් දෙකක් පත්කරලා තියෙනවා නීති සහ මූල්‍ය උපදේශක හැටියට එම සමාගමක් අපි වෙනුවෙන් ණය හිමියෝ සමග සාකච්ඡා කරලා ණය කපා හැරීමට එකඟ වෙන්න බලාපොරොත්තු වෙනවා නමුත් තවම පටන් අරගෙන නැහැ තවමත් දත්ත සමීක්ෂණ කරගෙන යනවා මොකද අගමැති තුමා කිව්වා වගේ දත්ත හොයාගන්නත් නෑ ඒ පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා කියලා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මේකෙ පිදුරු ගොඩක් අස්සෙ හොයනවා වගේ වැඩක් .ඊට පස්සේ තමයි මේ සාකච්ඡා ආරම්භ කරන්නේ එතකොට දැන් මේ ණය හිමියෝ එකඟ වෙන්නේ ණය කපා හැරීම සඳහා රජය කොච්චර ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එකඟ වෙනවා ද කියන එක මත පදනම් වෙලා. මේ දෙක එකට ගැටිලා තියෙන්නෙ මෙතන සාකච්ඡා දෙකක් යනවා එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ රජය දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් පෙනී සිටින උපදේශකයෝ සහ ණය හිමියන් සමඟ තිබෙන සාකච්ඡා එහිදී රජයට සිදු වෙනවා මම කියපු ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ ඒක මේ රජයට හෝ කිසිම තනි දේශපාලන පක්ෂයක් හෝ ඒකට අදාල වෙච්ච දෙතුන් දෙනෙක් සමග කරන්න පුළුවන් වැඩක් කියලා .මොකද මුළු රටේම සියලු දේශපාලන පක්ෂවල එකඟතාව අවශ්‍ය වෙනවා මේ ගැඹුරු ප්‍රතිසංස්කරණ කරන්න. මේ රටේ අපි කවුරුත් දන්නව නිදහස ලැබිච්ච දවසේ ඉඳන් මුහුණදෙන ගැඹුරුම ව්‍යාකූලම ආර්ථික ගැටළුවකට තමයි අපි මුහුණ දෙන්නේ.කෙසේ වෙතත් තනි රජයකට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය අපේ නැහැ .ඒ නිසා තවදුරටත් අපේ රට ගොඩ ගැනීම සඳහා සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික රජයක් රට ගොඩනැගීම වෙනුවෙන් නිර්මාණය කළ යුතුයි කියන එක තවදුරටත් ඉල්ලීමක් නෙමෙයි ඒක අත්‍යවශ්‍ය කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. අපි විශ්වාස කරන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අටවාගෙන තියෙන රජයට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම හරහා කළ යුතු ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නෙ නැතුව කරන්න බැරි නිසා පහුවෙන හැම දවසම මිනිස්සු තවදුරටත් අගාධයට වැටෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අපි 2020 ඉඳන් කිව්වා කරුණාකර මේ ප්‍රශ්නය විසදගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා ඒ තත්ත්වයේදී මේක විසඳගත්ත නම් කිසි දවසක මේ තැනට මේ රටේ වැටෙන්නෙ නෑ හැබැයි කියපු කිසි දෙයක් ඇහුවේ නෑ අපේ ආර්ථික මණ්ඩලය විදිහට අපේ පක්ෂය දිගින් දිගටම පෙන්වා දුන්නා මුදල් අච්චු ගහන වැඩේ සහ රුපියල බලෙන් අල්ලගෙන ඉන්න වැඩෙන් පොලී අනුපාතය බලෙන් අල්ලගෙන ඉන්න වැඩෙන් සිදුවෙන්නේ සම්පූර්ණම සාර්ව ආර්ථිකය කඩා වැටෙන එක කියලා අද ඒක වෙලා තියෙනවා අපේ කිසිම දෙයක් ඇහුවේ නෑ අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ජධිපතිවරයාට කරුණාකරලා මේ කතාවට සවන් දෙන්න අපි තුන් දෙනා විශ්වාස කරන්න ඕන නෑ ඔබතුමා ගිහිල්ලා අහන්න ඔබතුමා පත්කරපු උපදේශකයන්ගේ ර්ථික දේශකයෝ පත් කරලා තියෙනවා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශාන්තදේව රාජ මිහිරි කුරේ ලෝක බැංකුවෙන් පත්කරලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ උපදෙස් දෙනවා ව්‍යාපාරික ප්‍රජාව සහ ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න තවත් කමිටුවක් පත් කරලා තියෙනවා ලොකු කණ්ඩායමක් ඉන්නවා අහන්න ඒ කට්ටිය ගෙන් ගිහිල්ලා පුළුවන්ද තනියම එක කරන්න කියලා ශක්තියක් තියෙනව ද ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න තුනෙන් දෙකේ ආණ්ඩුව තියාගෙනත් කරන්න බැරි දේවල් දැන් මේ කරන්න උත්සාහ කරන්නේ කිසිම විශ්වාසයක් නැති ආණ්ඩුවක් එක්ක අපි කියනවා කරන්න බෑ අපි කියනවා තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මේ තනතුරේ රැඳී ඉඳලා මේ අටවගත්ත වැඩපිළිවෙළත් එක්ක යෑම හරහා සිද්ධ වෙන්නේ අපේ කෝටි දෙකක් වෙච්ච ජනතාවත් අගාධයෙන් තවත් විශ්වාස කරගන්න බැරි අගාධයකට වැටෙන එක.
අපි සූදානම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඒ සඳහා මම කියපු සර්වපාක්ෂික අන්තර්කාලීන තෝරාගත්ත අවම වැඩපිළිවෙලකට අවතීරණ වෙන්න අවශ්‍යයි ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මෙතනින් ඉවත් විය යුතුයි. හෙට ඉවත් වෙන්න බැරි නම් ඉවත් වීම සඳහා වැඩපිළිවෙළක් කාල රාමුවක් නිර්මාණය කරලා දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා එක තැනකට ආ යුතුයි.