දූෂිත ගනුදෙනු වලට දූෂිත මාෆියාවල් වලට එරෙහිව ආණ්ඩුව පියවර නොගැනීම වත්මන් ආණ්ඩුව එම දුෂිතයන්, දුෂණ වංචා තවදුරටත් ආරක්ෂා කිරීම නිසා වර්තමානයේ ජනතාව විශාල අර්බුද රැසකට මුහුණදෙමින් සිටින බවත් විදුලි බිල පමණක් නොව අද හැමපැත්තෙන්ම මිනිස්සු අසරණ වී සිටින බවත් ඊයේ (23) බේරුවල පැවති ජනතා හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.
ජනතාවග්යේ ජන මතයක් නැති, ජනතාවගේ විශ්වාසයක් නැති ආණ්ඩුවක් වර්තමානයේ රට පාලනය කරන බවත් ජනතා වරමක් නැති ජනාධිපතිවරයෙක් අද රටේ තීන්දු තීරණ ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කල අතර මෙරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට ජන මතයට ගරු කරන ජන මතය අනුව පත්වන ආණ්ඩුවක අවශ්‍යතාවය රට තුල තිබෙන බවත් ජන වරමක් තිබෙන ජනාධිපතිවරයෙක් රටට අවශ්‍ය බවත් පැවසීය.
විකෘත්ති පාර්ලිමේන්තුවක්, ජනතාවගේ අභිලාශයන් තේරුම් නොගත් ආණ්ඩුවක් ගන්නා වැරදී ප්‍රතිපත්ති, දූෂිත තීන්දු තීරණ වල ප්‍රතිපල අද ජනතාවට බුක්තිවිදීමට සිදුව තිබෙන බවත් ජනතාව මත ඉහිලිය නොහැකි බදු බරක් පටවා මහා පරිමාණයෙන් බදු ගෙවිය යුතු දේශපාලන ගජ මිතුරන් නිදැල්ලේ හැසිරෙන බවත් ඉම්තියාස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.