කොළඹ – ගාලු මුවදොර අවට ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ, පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 76 වන නිදහස් දින උළෙළේ පෙරහුරු වැඩසටහන හේතුවෙන්.

මෙම විශේෂ රථ වාහන සැලැස්ම අද සිට ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

පෙබරවාරි මස 03 වන දින දක්වා අවස්ථා කිහිපයක දී මාර්ග වසා තැබීම් සහ සීමාකිරීම් සිදුකරන බව ද සඳහන්.

පුහුණුවීම් කටයුතු සිදුකරනු ලබන අද සිට පෙබරවාරි මස 02වන දින දක්වා පැවැත්වෙනවා.

ඒ, පෙරවරු 06 සිට දහවල් 12 දක්වාත් කාලය තුළයි.

එමෙන් ම පෙබරවාරි මස 03 වන දින පස්වරු 02 සිට පෙබරවාරි මස 04 වන දින උත්සවය අවසන් වන වේලාව දක්වාත් එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනවා.

‌මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි, පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.