පස්කු ප්‍රහාරය පිලිබදව රජයේ පසුගාමී ක්‍රියාකාරිත්වය පිලිබදව ජිනීවා මානව හිමිකම් ආයතනයේ අවදානය යොමු කිරීම සදහා ජිනීවා ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට දැවැන්ත මඩ ප්‍රහාරයක් මේ වන විට ක්‍රියාත්මක වන බ අවත එම මඩ ප්‍රහාර වලට පාස්කු කුමන්ත්‍රණයේ ආදාරකරුවන්ද හවුල් වී ඇති බවත් අද(11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

ඒ මහතා මෙහිදී කියාසිටියේ සෑම විටම ජනතාව වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් කටයුතු කරන බවත් යුරෝපයේ සිටියදී මරණ තර්ජන පවා එල්ල වූ බවත් මඩ ප්‍රහාරවලට හවුල් වූ සියලුදෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමග කටයුතු කරමින් ඉදිරියේදී පියවර ගන්න බවත්ය.

ඔහු කියා සිටියේ මඩ ප්‍රහාර වලින් නොව කිසිදු ක්‍රියාමාර්ගයකින් පාස්කු ප්‍රහාරය පිලිබදව යුක්තිය සොයාගැනීමේ ගමන නතර නොකරන බවයි.

ජිනීවා මානව හිමිකම් ආයතනයට ගිය හේතුව හා සිදුවූ සියල්ල පිලිබදව හෙක්ටර් අප්පුහාමි මහතා කල හෙළිදරව්ව මාධ්‍යට හෙළිදරව් කරයි.