මේ වන විට රටේ සංවර්ධනයට මුල් පියවර ගෙන ඇති බවත් ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රය මූලික කරගත් වැඩපිළිවෙලක් මෙන්ම රට පුරා වෙළඳ කලාප ඇතිකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සුජීව සේනසිංහ මහතා අද (28) අම්පාර ප්‍රදේශයේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමින් පැවසීය.

සේනසිංහ මහතා සඳහන් කරන්නේ රට ගොඩනැගීමේදී සුභසාධනය, ආර්ථිකය, සංවර්ධනය යන ක්ෂේත්‍ර සියල්ල සම්බන්ධයෙන් මනා දැනුමක් තිබෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් රට ගොඩනැගීමට දුෂණ වංචා චෝදනා නොමැති දක්ෂතාවය සහ පළපුරුද්ද තිබෙන එකම කණ්ඩායම සමගි ජන බලවේගයේ කණ්ඩායම පමණක් බවයි.

‘‘මෙවර ජනාධිපතිවරණයේ දී ජේ.වී.පී. එකට දිලා රට විනාශ කරන්න එපා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දෙන්න එපා රට බංකොලොත් කරලා රට කාපු බිල්ලා. නාමල්ට දීලා වැඩක් නැහැ. රට එහෙම පිටින්මම කාපුු පවුල. ඒ නිසා එකම තේරීම තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. සුභසාධනය, ආර් ථිකය, සංවර්ධනය මේ සියල්ල සම්බන්ධයෙන් මනා දැනුමක් තිබෙන එකම නායකයා.

රට වටේට හෝටල් ව්‍යාපාරයට ආයෝජකයෝ ගෙන්නලා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නම්. අක්කර දාහක වෙළද කලාප ඇති කරන්න අපි දැනටමත් සැලසුම් කරගෙන යනවා. මේ වන විට තායිලන්තයේ අයෝජකයෙක් සමග සාකච්ඡා කරමින් සිටිනවා.

මේ වගේ වැඩ කරන්න පුලුවන් දක්ෂ ඇමැතිවරැ මන්ත්‍රීවරැ සමගි ජනබලවේගය සමග අත්වැල් බැදගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට සියයට 52 වැඩිය ඡන්ද ප්‍රතිශතයක් ලබා දීලා මේ රට ගොඩ ගන්න අපිත් සමග එකතු වෙන්න කියලා මා ආරාධනා කරනවා”