මේ වන විට දිවයිනේ දකුණු වෙරළ තීරයට බලපා ඇති දැඩි සුලං කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩ බිමට එ්මේ තත්ත්වයක් මතුව තිබේ.

ධීවරයන් එය වාරකන් තත්ත්වය ලෙස හදුන්වන අතර එය ලබන සැප්තැම්බර් මස දක්වා පැවැතිය හැකි බවට සඳහන් කරයි. මේ හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෙරළ අාසන්න පාරවල් වෙතද මුහුදු රළ පැමිණීම නිසා මුහුදු ජලයෙන් යටවී ඇති අයුරු දැක ගත හැක.

එසේ රල පැමිණීම නිසා තලල්ල සීතගල්ල මුහුදු තටාකයේ දිය නාමින් සිටි සරසවි සිසුන් 16ක් අතුරින් 4 දෙනකු රළ පහරට හසුවී ගසා ගෙන ගොස් අැති අතර ඉන් තිදෙනකුගේ ජීවිතය බේරා ගෙන අැති නමුත් එක් අයකුගේ ජීවිතය නැති වී තිබේ.

balavegaya 290385769 1948990951951464 1526661390253069008 n
balavegaya 289475616 1948990805284812 5130298082212371848 n
balavegaya 291878674 1948990885284804 6687665488991249893 n