ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට සහය පළකර තිබෙනවා. එතුමා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබෙන්නේ අද (28) තංගල්ල ප්‍රදේශයේ පැවති විජයග්‍රාහී ජන රැලියට එක්වෙමින්.

එතුමා කියා සිටියේ ජනතාව ඉතාමත් අපහසුතාවයට පත් වූ, රට තුල පැවති අර්බුදකාරී තත්වයන් හමුවේ ජනතාව වෙනුවෙන් හඬ නැගූ එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් අනෙකුත් සියලු නායකයින් බල දේශපාලන ක්‍රියාවලිය සමඟ කටයුතු කළ බවත්ය.

වෛරී දේශපාලනය මුලිනුපුටා දමා සත්‍යවාදී, ප්‍රගතිශීලි ගමනක ආරම්භය එළඹෙන 21 වන දා ආරම්භ කරන බවත් තමන්ගේ මුළු ශක්තියම සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපකරන බවත් එතුමා තංගල්ල රැළිය අමතමින් කියා සිටියේය.