ශ්‍රී ලංකාවේ ප්‍රභලතම වෘතිය සමිති එකමුතුවක් වන වැඩබිමේ අපි සංවිධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට සහයෝගය දක්ව තිබෙනවා.

කඩා වැටී තිබෙන රාජ්‍ය සේවය නැවත ගොඩනැගීමටත්, රාජ්‍ය සේවකයාට ගෞරවනීය පුරවැසියෙකු ලෙස ජීවත්වීමටත් අදාළ ප්‍රතිපත්තිමය කාරනා සමඟ එකඟ වෙමින් මෙම එකඟතාවයට යොමු වූ බවයි සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.