රටේ මද්‍රව්‍ය තුරන් කිරීමට, පාතාලය මර්ධනය කිරීමට මෙහෙයුමක් ආරම්භ කිරීම ඉතා හොද දෙයක් බවත් සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස මද්‍රව්‍ය, පාතාලය තුරන් කිරීම පිළිගන්න බවත්, නමුත් රජය විසින් හදිසියේ මෙම “යුක්තිය” මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඉදිරි මැතිවරණ සඳහා වන දේශපාලන ව්‍යාපෘතියක් ලෙස බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කරයි.

තිස්ස අත්තනායක මහතා මෙහිදී සඳහන් කරන්නේ මෙම වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නේ පුංචි ප්‍රමාණයේ මිනිසුන් පමණක් බවත් මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනිමක් සිදු නොවන බවත්ය.

විපක්ෂ නායක කාර්යාලයේ ඔඅසුගිය දින (15) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පොලිසය සතුව සියලු තොරුතුරු තිබෙන බව වර්තමානයේ සිදුවෙමින් පවතින මෙහෙයුම් දෙස බලන විට හෙළිදරව් වන අතර එසේ තිබියදී මෙච්චර දවසක් මෙහෙයුම් නොකිරිම පිළිබඳව ජනතාවට ගැටලුවක් මතුවී තිබෙන බවත්ය.

‘‘යුක්තියේ මෙහෙයුම හොද දෙයක්. රටේ මත්ද්‍රව්‍ය ජාවාරම , පාතාලය මර්දනය කළ යුතුයි. අපි ඒ කටයුතුත්ත ප්‍රතික්ශේප කරන්නේ නෑ. නමුත් යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ දේශපාලන ව්‍යාපෘතියක් විදිහට. ඒ වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නේ පුංචි ප්‍රමාණයේ මිනිස්සු. නමුත් මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනිමක් සිදුවෙන්නේ නෑ. පොලිසය සතුව සියලු තොරුතුරු තිබෙනවා. එසේ තිබියදී මෙච්චර දවසක් මෙහෙයුම් නොකිරිම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මාධ්‍ය ඉස්සරහට දාගෙන මේ මෙහෙයුම් කළ යුතු නෑ. යුක්තියේ මෙහෙයුමට දේශපාලන ලේබල් ඇලවීමෙන් සිදුවන්නේ ඒ මෙහෙයුම පිළිබඳ තිබෙන විශ්වාසය කඩවෙන එක. මෙවැනි මෙහෙයුමක් සිදුකරද්දි ජනතාවගේ මූලික අයිතිවාසිකම්ද ආරක්ෂා කළ යුතුයි. අනවශ්‍ය ප්‍රචාරණය් හරහා මේ මෙහෙයුම් කිරිමෙන් මානව හිමිකම් කොමිසන් සභාවත් මේ සඳහා මැදිහත්වෙන්න ඉඩ තිබෙනවා.‘‘