විදේශ කටයුතු, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියට මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ රාත්‍රියේ දැඩි විරෝධයක් දක්වා තිබෙනවා, ඒ අවසර ගැනීමකින් තොරව විහාරස්ථානයට පැමිණීමත්, විහාරස්ථානයේ වාහන නතර කර තැබීමත් හේතුකොට ගනිමින්.

අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ විහාරස්ථානයේ විදුලිය විසඳි වී ඇති අතර විදුලිය විසඳි වීමත් සමඟ බියට පත්වූ අමාත්‍යවරයා ඇතුළු පිරිස විහාරස්ථානයෙන් එම අවස්ථාවේම පලාගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම සිද්ධියට අදාල වීඩියෝපටය මෙතනින් නරඹන්න,

පසුගිය පොසොන් උත්සව සමයේ වත්මන් ආණ්ඩුව විසින් මිහින්තලේ විහාරස්ථානයේ විදුලිය විසඳි කිරීමත්, මිට කිහිප දිනකට පෙර විහාරස්ථානයට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීමත් නිසා විහාරාධිපති පූජ්‍ය ධම්මරතන හිමියන් සහ වත්මන් රජය අතර කිසියම් විරසකයක් නිර්මාණය වී තිබේ.