රට තුල ඇතිවී තිබෙන ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ කිරිපිටි සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමට නොහැකිවී ඇත.  ඒ හේතුවෙන් දැනටම කිරිපිටි ආනයනයෙන් අඩක් පමණ පමණ නතර වී ඇතැයි මෙරට ප්‍රධාන පෙලේ කිරිපිටි ආනයනික සමාගම් පවසති.

රජය විසින් තවදුරටත් කිරිපිටි ආනයනයට ඩොලර් නිකුත් නොකරන්නේ නම් ඉතිරි සීමිත ආනයනයද නවතා දැමීමට සිදු වන බව එම සමාගම් වැඩිදුරටත් පැවසීය.

ඒ තත්වය තුල ඉදිරි කාල සීමාවේදී නැවතත් වෙළදපොලේ කිරිපිටි හිඟයක් ඇතිවිය හැක.