හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කළ අසාධාරණ බදු සූත්‍රය ඉක්මනින් වෙනස් වෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව මේ බදු සූත්‍රය වෙනස් කරන විට අයි එම් එෆ් එකත් සමඟ සාකච්ඡා කර කටවචනයට පමණක් නොව ප්‍රායෝගිකව වෙනස් කරන්න කටයුතු කළ යුතු බවත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව තමන්ගේ සෘජු සහ වක්‍ර බදු අඩු වන තුරු අපේක්ෂාවෙන් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබා දුන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කර අයි එම් එෆ් ගිවිසුමේ ඇති ජනතා විරෝධී විධිවිධාන වෙනස් කර ජනතාවගේ පැත්තෙන් ජනතාවට බරක් පැටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කරන අයි එම් එෆ් නව ගිවිසුමකට යන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ සංවිධායක මුජිබර් රහ්මාන් මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

සමගි ජන බලවේගය විපක්ෂයේ සිටින විට අයි එම් එෆ් නියෝජිතයන් සමඟ වට ගණනාවක් සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු සූත්‍රය අසාධාරණ බැවින් එය වෙනස් කරන බව පැවසූ බවත් ඉලක්ක කර ගත් රාජ්‍ය ආදායමට වඩා වැඩි ආදායමක් ලැබෙන මේ අසාධාරණ බදු සූත්‍රය ජනතා වරමින් වෙනස් කරන බව පැවසූ බවත් මෙවර සමගි ජන බලවේගයට රටේ ජනතාව බලය ලබා දුන් පසු එම වරමින් නව අයි එම් එෆ් ගිවිසුමක් සකස් කරන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පවතින අයි එම් එෆ් ගිවිසුම වෙනස් විය යුතු බවත් එය වෙනස් කළ යුතු බවත් පැහැදිලි සමගි ජන බලවේග පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ හොඳ ප්‍රතිපත්තිවලට අත්වැල් බැඳ ගෙන අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන ගමනට හයිය ලබා දෙන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගර්භනී මවගේ සිට ළදරු පරපුර, දරු පරපුර, වැඩිහිටි තරුණ ජන සමාජයේ සියලු දෙනාට ලොකුම ලොකු හානියක් කරන බදු සූත්‍රයක් රටේ ඇති බවත් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බවත් ඔවුන්ට ජනතාවගේ පැත්තෙන් සිතා ජනතාවගේ කරපිට අසීමිත බරක් පටවන්නේ නැති ජනතාවාදී වැඩපිළිවෙළකට යා හැකි වුවත් සීමාවෙන් එහා ගොස් බදු පිට බදු පැටවූ බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.