බ්‍රිතාන්‍යයේ සිටින මෙරට නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මිලියන 4ක මුදලක් වැය කර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවකට යවා තිබෙන බව සමගි ජන සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වරුණ රාජපක්ෂ මහතා අනාවරණය කරනවා.

වරුණ රාජපක්ෂ මහතා මෙම අනාවරණය සිදුකරන්නේ ඊයේ (22) පැවති රූපවාහිනී දේශපාලන සංවාදයකට සහබාගී වෙමින්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කරන ජේෂ්ඨ නිලධාරිනියක් සිටියදී මිලියන 4ක මුදලක් වැයකරමින් මෙලෙස එම සමුළුවට මෙල්බන් නුවරට යවා තිබෙන නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේග වේදිකාවේ ගී ගැයූ පුද්ගලයෙකුගේ බිරිඳක් බවයි වරුණ රාජපක්ෂ මහතා අනාවරණය කරන්නේ.