පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු කුමන්ත්‍රණකරුවන් විසින් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල අනාවරණය වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල පාර්ශවකරුවන් රැසක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වී තිබෙනවා.

බේරුවල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොහාන් පැට්‍රික් පෙරේරා මහතා මේ ලෙස සමගි ජන බලවේගයට සහාය පළ කර ඇති අතර මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල සාමාජිකයින් වන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනානායක යන මහත්වරුන්ද පසුගියදා සමගි ජන බලවේගය සමඟ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

balavegaya waruna mahesh 1

සමගි ජන බලවේග පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ සජිත් ප්රෙර්මදාස මහතා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සිදුකල කුමන්ත්‍රණකාරී කටයුතු හේතුවෙන් ඉදිරියේදී තවත් එජාප සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් රැසක් සජබය සමග එකතු වීමට තීරණය කොට ඇති බවයි.