ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතාද ඊයේ දිනයේදී (26) වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාපය සහ වංචා දුෂණ පිළිබඳව දේශපාලන යාන්ත්‍රනය තුලත් සමස්ත සමාජය තුලත් වැඩි කතාබහට ලක්වූ අතර වත්මන් ක්‍රිකට් ආයතනය විසිරුවා හැරිය යුතු බවට වන යෝජනාවක්ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් හා පක්ෂ විපක්ෂ එකඟතාවයෙන් පාර්ලිමේන්තුව තුලදී සම්මත කරගනු ලැබීය. ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කල අතර සංචාරක, ඉඩම්, තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතාට ක්‍රීඩා අමාත්‍ය ධුරයත් ලබාදෙන ලදි. මෙම තත්වය මත මේ වන විට පවත්වමින් තිබෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවිය.