ආර්ථික අර්බුදය විසඳුවේ රනිල් වික්‍රමසිංහ කියලා වත්මන් ආණ්ඩුව සමාජගත කිරීමට උත්සාහ කරන බවත් මීට වඩා ලොකු බොරුවක් තවත් නොමැති බවත් මහචාර්ය ජී එල් පීරිස් මහතා අද දින (25) තබුත්තේගම නගරයේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමින් පැවසීය.
ගොවීන්ගේ වී මිලදී ගැනීමට රජයට මිදල් නොමැති බවත්, රජය මහා පරිමාන වී මෝල් හිමියන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා සිටින බවත්, සීග්‍රයෙන් පැතිරෙන වකුගඩු රෝගයට විසඳුම් ලබාදීමට රජය සමත් වී නොමැති බවත්, අලි මිනිස් ගැටුම තව තවත් වර්ධනය වී තිබෙන බවත් සඳහන් කරමින් ජී එල් පීරිස් මහතා කියා සිටියේ රටේ කිසඳු ගැටළුවකට විසඳුම් ලබාදීමට වත්මන් රජය අපොහොසත් වී තිබෙන බවයි.
තබුත්තේගම විජයග්‍රාහී ජන රැළිය අමතමින් මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,
“අපේ රටේ ඉතිහාසයේ කිසිදු දවසක සිදු නොවූ ආකාරයට අමූලික බොරුවක් සමාජගත කරන්න රජය කටයුතු කරමින් සිටිනවා. රටේ ආර්ථික අර්බුදයට විසදුම් ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා ආණ්ඩුම සමාජගත කරමින් සිටිනවා. මීට වඩා ලොකු බොරුවක් තවත් නෑ.
අද වනවිට ගොවීන්ගේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් නෑ. රජය මහා පරිමාන වී මෝල් හිමියන්ගේ ආධිපත්‍යයට යටත් වෙලා සිටිනවා.
ඒ වගේම වකුගඩු රෝගය සීඝ්‍ර ලෙස පැතිරෙනවා. ඒ සඳහා නිසා විසඳුමක් ලබාදෙන්න රජය අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම නිසා රටේ ජිවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ සඳාහා විසඳුමක් ලබාදෙන්න රජය අපොහොසත් වෙලා තිබෙනවා.
රටේ ජනතාව මේ ආකාරයට පීඩනයකට කිසිදවසක ලක්වුණේ නෑ. පසුගිය අවුරුදු කිහිපයේ රටේ දිළිදු භාවය දෙගුණයක් වෙලා තිබෙනවා. ඒ වගේම ළමා මන්දපෝෂණය සියයට 27 යි. ඒ වගේම දෙමාපියන්ට ළමයින්ට අවශ්‍ය දේවල් ලබානොදීමට නොහැකිවීමෙන් දරුවන් ලක්ෂ 5 කට පාසල් යාමට නොහැකි වී තිබෙනවා. රටේ ලක්ෂ 9 කට රැකියා අහිමි වෙලා තිබෙනවා. ලක්ෂ 11 කගේ විදුලිය විසන්ධි කරලා තිබෙනවා.
වර්තමාන රජය විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බව පවසමින් සේවක අර්ථ සාධක අරමුදල ආක්‍රමණය කරන්න කටයුතු කළා. නැතිබැරි මනුස්සයා දැඩි පීඩනයකට ලක්කළා.
ඒ වගේම ආණ්ඩුවේ ගජමිතුරන්ට බදු විරාම ලබාදෙන්න කටයුතු කළා. ආණ්ඩුවේ ගජමිතුරු සමාගමකට අවුරුදු 15 ක බදු විරමයක් ලබාදීලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ තවත් ගජමිතුරු සමාගමකට අවුරුදු 22 ක බදු විරමයක් ලබාදීලා තිබෙනවා. කිසිදු මුදලක් ඔවුන් බදු වශයෙන් ගෙවන්නේ නෑ. මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු බදු මුදල්වලින් සියයට 53 ක් අයකරගන්න රජය කටයුතු කරලා නෑ. පොඩි මනුස්සයා පීඩාවට පත් කරලා බදු අයකරගන්නවා. නමුත් රජයට හිතවත් පිරිසගෙන් කිසිදු බදු මුදලක් අය කර ගන්නේ නෑ.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා ලෙස සිටි කාලයේ මහ බැංකු මුදල් වංචාව සිදුවුණා. ජනාධිපති වුණාට පස්සේ වීසා මඩගියෙන් විශාල මුදලක් වංචා කරන්න උත්සහ කළා. ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායම මේ මුදල් මැතිවරණ ව්‍යාපාරවලට යොදා ගන්නවා.
ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායම රටේ ආර්ථිකය ගොඩ ගත්තේ නෑ. දරාගත නොහැකි බදු බර ජනතාව මත පැටවීම තමයි ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායම සිදුකළේ. මේ අන්ධකාර යුගය අපි අවසාන කළ යුතුයි. සැප්තැම්බර් 21 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ප්‍රතිපත්තිගරුක , ජනතාවාදී , ජනතාවගේ අභිලාශයන් හදුනාගත්ත , කණ්ඩායමක් සමඟ රටට යහපතක් වන රජයක් බිහි කරන්න අපි සියලු දෙනා එකතු වෙමු”